ඉගිලිලා යන්න බෑ ඔය ඇස්‌දෙකෙන් මට
පියඹලා ඇදෙන රන් සමනළ යුවලකට
නුඹේ හිතේ පෙම් සුවඳ ඇති තනි තොතනියට....
පෙම් හසුන් ඔබ ලියූ කවි පේලි සුන්දරයි
රත්තරං හදවතේ ආදරේ පිවිතුරුයි
තනිවෙන්න දෙන්නෙ නෑ
මේ සිත ඔබට ආදරෙයි............
නෙතු සිඹින පුරහඳ ලස්‌සනයි රැයකට
අමතක කරන්නෙපා මා ඔබේ සඳවත
සිහිනෙන් ඇවිදින් මගේ යහනේ
ඉන්න දෙව්දුව..............
පදරචනය - චන්න ජයනාත්
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - අසංක ප්‍රියමන්ත පීරිස්
කාගෙත් ඇස් කන්වලින් මිදීලා නිදහසේ තනිවෙන්න ඇත්නම්.... ආදරවන්තයන් යුවළකට ඒ තරම් සතුටක් තවත් නැහැ...... ඒ වෙලාවට ඔවුන්ට අවට කිසිම දෙයක් ගැන නිනව්වක් නැහැ..... ඒ අය ඉන්නේ ඒ අයටම වෙන්වූ සුන්දර ලෝකෙක.... කුඩයක් යටට වෙලා මුහුදු වෙරළක, බංකුවක් මතම හිඳ මල්වත්තක, අඳුරේ තුරුළු වී සිනමාශාලාවක.... මේ අය එකිනෙකාට කියන කතා..... පැණි වෑහෙන..... ආදර වදන්.... අත්දැකීම් නොලද්දවුන් සිටිත්ද... Read more »

No comments:
Post a Comment