Saturday, April 2, 2011

හිත හිනැහෙනවා මා මඟ තොටදී දුටු ළඳ මුව මඬලේ



හිත හීලෑ නෑ
හරිම මුරණ්ඩුයි
තැන තැන ඇවිදිනවා
හිතෙන හිතෙන තැන නවතිනවා

හිත ඉගිළෙනවා කාශ්මීරයේ
සුදු හිම කඳු අතරේ
මා තනිවෙනවා පා යුග දවනා
නිරුදක මරු කතරේ

මා සැනසෙනවා මා පිය ළඳගේ
මුදු සැනසුම් සිහිලේ
හිත හිනැහෙනවා මා මගතොට දී
දුටු ළඳ මුව මඬලේ

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - බන්දුල විජේවීර
සිත වනාහි දුර ගමන් කරන තනිව හැසිරෙන ගුහාවක් වැනි . බුදු හිමියන් සිත විග්රහ කළ ආකාරයයි. එහෙත් ගැන සරල ගීයකින් කියැවුණු අවස්ථා දුලබ . මට මහගම සේකරයන්ගේ ප්රබුද්ධ කාව්යයේ එක්තරා ප්රකාශයක් සිහිවේ.
Read more »

No comments:

Post a Comment