ගීතයට පදනම් වන ප්‍රස්තුතයෙහි මූලික හැඩතල අනුව ඒ ගීතය හරහා මතුවන රසය ද විවිධ හැඩතල උරුම කරගනී. එකම ප්‍රස්තුතය මඟින් බිහිවන විවිධ රසභාවයන් රසිකයාගේ සිත් සතන් පුරවා ලමින් ඔවුන් ආනන්දයටත් ඒ හරහා ප්‍රඥාවටත් යොමු කරවයි. ගීතය සඳහා ස්වභාවධර්මය වස්තු විෂය කර නොගත් කිසිදු ගේය පද රචකයකු මේ මිහිතලයෙහි අපට හමු නොවේ. ස්වභාවධර්මයේ විවිධ සංසිද්ධීන්, වෙසෙසින්ම ස්වභාව සෞන්දර්යේ විවිධ පැතිකඩ සිය ගීත මඟින් සන්නිවේදනය කිරීමට උත්සාහ ගනු ලබන පද රචකයන් අත ස්වභාව සෞන්දර්ය තේමා කොටගත් වචන සමුදාය ගේය කාව්‍යයක් බවට පත්වනුයේ නිරායාසයෙනි.
සැන්දෑව වූ කලි මෙසේ ගේය පද රචකයන් අත පිරිපහදු වී එහි නොයෙක් හැඩතල ඇසුරින් රසිකයාගේ භාවමණ්ඩලය ආමන්ත්‍රණය කරනු ලබන සියුම් ප්‍රස්තුතයකි. සැන්දෑව, සැඳෑ අහස, සැඳෑ කළුවර, සැඳෑ වෙලාව, සැඳෑ සෞන්දර්ය හරහා මූලික ලෙස ගලායන විවිධ අනුභූතීන් රසිකයාගේ හදවත සියුම් ලෙස ආමන්ත්‍රණය කරයි.
සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
කවුළු පියන් පත් වැසෙන වෙලාවට
දහසක් දොම්නස් සිහින පැතුම් මැද
තනිවුණු ඔබෙ සුසුමන් සෙමින් විත්
මගෙ හදවත පාරයි
Read more »
No comments:
Post a Comment