Thursday, April 21, 2011

ආදරය වෙන්දේසි කරන්න එපා !

සැඳෑ අන්දකාරේ 
නුඹට ලංවී මමත් ආසයි 
මුමුණන්න 
යාවුනු හදවත් තුළ 
දැල්වෙන යසෝගිනි 
නිවමු අපි නෙතු පියන් ඇර 
කඩතුරාවෙන් මතු වී 
වල්මත්ව 
සොයමු අපි ලෙන්ගතු ආදරය..

ආදරය බොළඳයි ඒක මහ විහිලුවක්‌, පිස්‌සුවක්‌ කියලා කෙනෙකුට අර්ථ කතනය කරන්න පුලුවන්. ඒත් මම වගේම ඔබත් ආදරය විඳින්න ආසයි. හැබැයි ආදරය විඳවන්න ආස නැහැ. නුතන ආදර කතාව අතීත ආදර කතා පුරාවෘත්තවලින් පෝෂණය වුනා. රෝමියෝ ජුලියට්‌ සාලිය, ආශෝක මාලා ඊට ළඟම උදාහරණ.

කෙනෙකුගේ ජීවිතය හදන්න වගේම ජීවිතය විනාශ කරන්න මේ ආදරයට පුලුවන්. ඒ තරමටම ආදරය බලවත් අධ්‍යාත්මික බලවේගයක්‌.

නන්නත්තාර වූ සමාජ තලය මත අද ආදරය වල්මත් වෙලා. අද ආදරය වෙන්දේසි වන භාණ්‌ඩයක්‌ බවට පත්වෙලා. අද වර්තමානයේ ප්‍රේමවන්තයකගේ හා ප්‍රේමවන්තියකුගේ ආදර කතාවේ අවසානය දෙදෙනා ලිංගිකව එකතු වීම වෙන්න පුලුවන්. නමුත් සැබෑ ආදරයේ අරුත කියන්නේ ඉන් එහා ගිය අධ්‍යාත්මික බැඳීමක්‌.
Read more »

No comments:

Post a Comment