Saturday, April 30, 2011

සසර පුරා සුවඳ සරා ඔබම ළඟම රැඳෙමි


පි. තුරුලිය නිසලයි - වැව් දිය සසලයි
තනිකම ඉවුරු බිඳියි
මග අතරමංව හිඳිමි
ඔබ කොහිද කොහිද සොයමි

ගැ. ඔබ ළඟම ළඟම හිඳිමි

ගැ. සසර පුරා සුවඳ සරා 
ඔබම ළඟම රැඳෙමි
ඔබ කොහිද කොහිද සොයමි

පි. ඔබේ සුසුම් සුවඳින් පෑරී
වෙල් ඉපනැල්ලේ පවන් සළයි
ගංදොර සුහුඹුල් මතකය වැළපී
සිත මා තෙමා වැටෙයි
ඔබ කොහිද කොහිද සොයමි

පි. ඔබේ සුරත් පහසින් ගිලිහී
ලියගොමු ලන්දේ සොවින් සැළෙයි
තණපත් මුතුපිණි කඳුළින් බරවී
ඔබ පා පහස පතයි
ඔබ කොහිද කොහිද සොයමි

ගැ. ඔබ ළඟම ළඟම රැඳෙමි


පදමාලාව - කුලරත්න ආරියවංශ
සංගීතය - ශාන්ත ජයලත් තිසේරා
ගායනය - ඉමාන් පෙරේරා, උරේෂා රවිහාරි

හදවතින්ම ආදරය කරන කෙනෙක්‌ වෙන් වුනොත්... නැත්නම් මිය ගියොත්... දැනෙන වේදනාව... වචනවලට පෙරළන්න පුළුවන්ද.... බැහැ... මුළු ලෝකයම හිටියත් වැඩක්‌ තියේද... ඇය... ඔහු නැති ජීවිතය... තනිකම පාලුව ඉවසන්න බැහැ....
Read more »

No comments:

Post a Comment