Saturday, April 30, 2011

ශ්‍රී ලංකාවට "ෆේස්‌ බුක්‌" එපාවේගෙන එනවාද?

ඉස්‌සර සාරවිටින් කළ දේ දැන් ෆේස්‌ බුක්‌ කරයි. සාරවිට ගැන ගීතයක කියන්නේ 

"නැති නෑදෑකම් ඇතිකර ගන්නට 

ඇති නෑදෑකම් තහවුරු වන්නට

කාගෙත් හොඳ හිත සමග බෙදාගෙන කාලා බලන්....." යනුවෙනි.

ඒ එකලය. මේ කාලයේ නම් ඇති සබඳතා තහවුරු වන්නත්, නැති සබඳතා ඇතිකර ගන්නත් හොඳහිත බෙදාගැනීමටත් යොදාගන්නේ ෆේස්‌ බුක්‌a එකයි.

පළමුවරට දැන හැඳිනගෙන හිතවත්වූ කෙනෙක්‌ සමග ඒ හිතවත්කම දිගින් දිගටම පවත්වා ගැනීමට ඉස්‌සරම විමසුවේ ලිපිනයයි. පසුව ජංගම දුරකථනය ජාතික හැඳුනුම්පත තරමටම බහුල වද්දී zමොකක්‌ද මොබයිල් නම්බර් එකZ යෑයි විමසූ කාලයද අවසන් වී යන අයුරකි. මෙකල අලුත් හැඳුනුම්කමක්‌ දිගින් දිගටම පවත්වාගැනීමට විමසන්නේ zමොකද්ද ඔයාගේ එෆ්. බීZ එක කියාය.
Read more »

No comments:

Post a Comment