ගිං ගෙඩි ගිං ගෙඩි ගහෙන් කඩාගෙන
ගිංතොට නැන්දට ටිකක් බෙදාගෙන
නංගියෙ විගහට මංකඩ ගාවට යං
අයියණ්‌ඩි ඇවිත් ඇති බං...
තාක්‌ක තෙයි තෙයි තාක්‌ක තෙයි තෙයි
තේක්‌ක මල් පිපිලා
ආං බලන් අර අයියගෙ මූණේ
වතුසුදු මල් පිපිලා
හාං කවිසියක් දන්නෙම නැතුවා
හිත ආලෙන් පිරිලා
මාත් දන්නෙ නෑ කියන්නෙ කෝමද
හිත ගැන කට ඇරලා...
තාක්‌ක තෙයි තෙයි තාක්‌ක තෙයි තෙයි
තේක්‌ක මල් පිපිලා
අයියණ්‌ඩිගෙ කිරි කෝඩු හිනාවට
තේක්‌ක මල් ඉහිලා
මාත් එක්‌ක මනමාල හිනා පා
සීත සුළං නැටුවා
මගෙ මල් හීනය මල් ඕවිල්ලක
නැළවෙනු මට දැණුනා...
පද රචනය - නිලාර් එන්. කාසිම්
තනුව - රංග දසනායක
ගායනය - ඉන්දිකා උපමාලි
ගමේ තරුණියක් ආදරය කරන හැටි, අගනුවර තරුණියකගේ ආදරයට වඩා වෙනස්. සාමාන්‍යයෙන් ගමේ සුන්දර යුවතියන් හැඟීම් සඟවා ගන්නවා. ලාලිත්‍යය, ලැඡ්ජාශීලී බව වගේම ප්‍රේමය සමග එන බලාපොරොත්තු නාගරික යුවතියකට වඩා වෙනස්.
Read more »
No comments:
Post a Comment