මං ඔයාට ආදරේ කළ තරමට ඔයා මට ආදරේ කළා ද... සයුරු තලාවක... සුදුමුදු වැල්ලේ... මම ඔබේ තුරුලට වී හිටියා.... අපි දෙන්නා ගොඩාක් දේ කතා කළා. තේරුමක් ඇති දේට වඩා අපි කතා කළේ තේරුමකට නැති දේ.... ඒත් අපි එයින් සතුටක් ලැබුවා... මං ඔයාට ආදරේ කළ හැටි... දන්නේ මේ ඉර හඳ ගස් කොළං විතරමයි.... වැඩියෙන්ම ඒ ගැන හඳ සාක්‍ෂි දේවි... අපි දෙන්නගේ ආදරේ ගැන... අපි දෙන්නා හඳ එළියේ කොයිතරම් වෙලා තුරුළුවෙලා ආදර බස් තෙපලුවද....
අනේ... ඒත් අද ... අද ඔයා මගෙන් වෙන්වෙලා... ඔයාගේ හදවතේ තවත් කෙනෙකුට ඉඩක් දුන්නේ කොහොමද... සදා කාලයටම ඔයා මගේ... මං ඔයාගේ කියලා නේද අපි කතා කළේ... ඇයි මගෙන් වෙන්වෙන්න හිතුවේ... අද මම තනිවෙලා... එදා මාව තුරුළු කරගෙන හිටපු ඔයා අද... ඇය සමග... අපි ආදරේ කළ හැටි හොරැහින් බලා සිටි සඳු පවා අද නිහඬයි.... මේ පාලු රාත්‍රියේ.... මම තනිවෙලා වේදනා විඳිනවා... සඳ රාජනිය හැංගිලා... .අනේ මේ හදවතේ නැගෙන ගින්දර මාව දවා අළු කරාවි....
සඳ රාජිනී ඇයි ද හැංගී
ඇයි ද හැංගී
මේ රැයේ පාලුවේ වේදනා මා දවාවී
සඳරාජිනී ඇයි ද හැංගී
ඇයි ද හැංගී මේ රැයේ පාලුවේ...
විරහව... මේ තරමටම දුකක්‌ද... දෙයියනේ... ඇයි ඔයා මට මේ දුක දුන්නේ... ඔයා මාව දාලා ඈතට ඈතට නොපෙනී ගියානම්... මට දුක ඉවසා ගන්න පුලුවන්.... ඒත්... ඒත්.... ඔයා මගෙන් සමුගන්න ආවේ ඇයත් එක්‌ක.... අතිනත් අරගෙන.. මම කොහොමද ඉවසන්නෙ... කමක් නැහැ.... අපේ අතීත ආදර සුවඳ.... මා එක්‌ක හැමදා හිඳිවී... මේ සංසාරය නිමාවෙන තුරු ඒ සුවඳේ වෙලිලා ඔයා මා එක්‌කම ඉන්න....
Read more »
No comments:
Post a Comment