Saturday, April 30, 2011

කවුද අතවනන්නේ... තොටුපළ අයිනේ.


තොටුපළ අයිනේ...

කවුද අත වනන්නේ
කවුද අතවනන්නේ
තොටුපළ අයිනේ
හැන්ඳෑ වරුවේ
ඉවුරේ වැටකේ 
උණ පඳුරේ සෙවණේ
හබල බිඳීලා... පෙරළුණු ඔරුවක
සුන්බුන් නෙත දැවටේ
ඒ දෙස නොබලමි...

තොටුපළ අයිනේ
කවුද අත වනන්නේ

ආ මඟ අඳුරේ
පෙර මඟ එගොඩින්
තරු යුවළක් ඇවිලේ
ඔරුකඳ ඇතුළේ.. නුපුරුදු සුවඳක්
දියමංකඩ විසිරේ
හෙට මම හිනැහෙමි
තොටු පළ අයිනේ
කවුද අත වනන්නේ

ගී පද - සුනිල් ආරියරත්න
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක



මගේ සිතුවිලි හැත්තෑව දශකයේ මුල් භාගයට දිවයයි. මම එකල කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ නේවාසිකාගාරයේ නේවාසික ශිෂ්‍යයෙක්මි. අප පාසලේ පස්මහල් විද්‍යාගාරයට අමතරව තවත් පස්මහල් ගොඩනැඟිල්ලක් ඉදිවෙමින් පැවතිණි. එකල මෙහි පස්වනමහල දිග ශාලාවකි.
”අන්න වික්ටර් රත්නායක ඇවිල්ලා.. අලුත් තට්ටු පහේ උඩ සින්දු කියනවා...”
හවස 2.30 ට පමණ නේවාසික ශිෂ්‍යයෙක් කෑ ගසා කීවේ ය. එතුමන්ගේ ගීත රාශියක් අසා නොතිබුණ ද, හුරුපුරුදු නමක් බැවින් අපි කීපදෙනක් අස්පවේගයෙන් දිව ගියෙමු. එකිනෙකා තරගයට තට්ටුවෙන් තට්ටුව පඩිපෙළ දිගේ දිව ගිය ආකාරය මට තාමත් මතකයි. අප පාසලේ හත්වන ශ්‍රේණියේ සිසුවෝ වීමු. වැඩිහිටි ශිෂ්‍යයන් ගේ කලා සංගමයක් විසින් ඇරයුම් ලද වික්ටර් රත්නායකයන් පුටුවක වාඩිවී සර්පිනාවක් ළඟ තබාගෙන මයික්‍රෆෝනයක් ඉදිරියේ වාඩිවී සිටින අයුරු මම දුටුවෙමි.
Read more »

No comments:

Post a Comment