Wednesday, April 6, 2011

පොදු ජනතාවගේ මහා කවියා Rabindranath Tagore

මාර්ටින් වික්‍රමසිංහ සූරීන් විසින් රචිත "මානව හිතවාදය හා එතෙර වියත්හු" කෘතියෙන් උපුටාගත් මෙම ලිපිය බදාදා අතිරේකයට යොමු කරන ලද්දේ නුවරඑළියේ හේමපාල විසිනි.

තාගෝර්තුමා නොබෙල් තෑග්ග නොලැබුවේ නම් අප රට ඉංගිරිසි උගතුන්ගෙන් හා සිංහල උගතුන්ගෙන් පමණක්‌ නොව වංග උගතුන්ගෙන් පවා එතරම් ගරු බුහුමන් ලබතියි ඔබ සිතන්නේද?

නොබෙල් තෑග්ග ලබන තෙක්‌ තාගෝර් කල්කටා විශ්වවිද්‍යාලයෙහි ඇදුරන්ගේත් වංග ප්‍රාචීන පඬිවරයන්ගේත් දෝෂ දර්ශනයට හසුවිය. කල්කටා විශ්වවිද්‍යාලයෙහි ප්‍රවේශ විභාගය ගත් මානවකයන්ගේ ප්‍රශ්න පත්‍රවල තාගෝර්ගේ පොතින් උපුටාගත් ගද්‍ය පද්‍ය ඇතුළු කරනු ලැබීය. වියරණ වැරැදි නිදොස්‌ කොට ඒ පාඨ ශිෂ්ට වංග බසින් ලියනුයි ශිෂ්‍යයන්ට අණ කරනු ලැබීය.

සමහර ඉංගිරිසි උගත්තු තාගෝර්ගේ පද්‍යයෙහි ඉංගිරිසි ප්‍රංශ සාහිත්‍යයෙහි බලපෑම සොයන රහස්‌ පරීක්‌ෂකයෝ වූහ. සමහරු ඔහුගේ නවකතා ඉංගිරිසි නවකතාවටත්, රුසියන් නවකතාවටත් ණයගැති යයි කියන්ට වූහ.
Read more »

No comments:

Post a Comment