මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොළොස් මහේ මඟුල් දොහේ
රබාන රත්වෙන නැකැත් වෙලාවට
නළාව පිඹපන් කොහෝ කොහෝ...
ඈත ගුවන් විදුලි යන්ත්‍රයකින් ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ ගී පද වැලක් මට ඇසෙයි. එය මට අවුරුදු එන බව යළි යළිත් මතක් කරදෙයි. මම ඒ ගුවන් විදුලි යන්ත්‍රය තිබෙන දිශාවට තව තවත් ළං වෙමි.
“කුසුම් පිපී තුරු මතේ
සුවඳ හමයි දස අතේ
කෝකිල කූජනය නැඟෙයි
ලිය ගොමු අතරේ මධුර වසන්තේ
ඒ සෝමතිලක ජයමහ ගේ හඬයි. අවුරුද්ද ළඟ ළඟ ම එයි. මම මගේ පසුම්බියට අත යවමි. එහි මා ඉපයූ ධනය ස්වල්පයක් තැන්පත් ව ඇත. දැන් ඉතින් නොමසුරු ව වියදම් කළ යුතු ය. මම මොටෝරිය පදවාගෙන නගරයට යමි. නගරය කඩි ගුලක් ඇවිස්සුණා සේ ය.
Read more »
No comments:
Post a Comment