මානව ඉතිහාසයේ ස්ථාවර ජනාවාස ගොඩනගා ගනිමින් කෘෂිකාර්මික යුගයට අඩිතාලම දමාගැනීමට මිනිසාට වසර ලක්ෂ ගණනක කාලයක් ගතවී ඇති ආකාරය ජගත් ඉතිහාසයේ දැක්වේ. මානව වංශකථාවේ ලොව ප්‍රථම මහා ශිෂ්ටාචාර වශයෙන් සැලකෙන නයිල් නිම්න, මෙසපොටේමියානු, ඉන්දු නිම්න හා හොවැංහෝ ශිෂ්ටාචාරයන්ට ප්‍රථම මානවයා කෘෂි යුගයට අවතීර්ණ වී ඇති බවට සාක්ෂි, සාධක ලොව විවිධ ප්‍රදේශයන්ගෙන් හමුවෙමින් පවතී. ආර්ය සංක්‍රමණයට පෙර ඉන්දියාවේ පැවැති ඉන්දු නිම්න ශිෂ්ටාචාරය නාගරික ශිෂ්ටාචාරයක් බවත්, එය ක්‍රි. පූර්ව 3500 තරම් දූරාතීතයට දිව යන ඉතිහාසයකට උරුමකම් කියන බවත් ඉන්දීය ඉතිහාසඥයෝ සඳහන් කරති. නාගරික ශිෂ්ටාචාරයකට පෙර ග්‍රාමීය ශිෂ්ටාචාරයක් තිබිය යුතුමය. ඒ පිළිබඳ අධ්‍යයනය කිරීමේදී ඇෆ්ගනිස්ථාන දේශ සීමාවට ආසන්න භූමිය තුළ ක්‍රි. පූර්ව 6000 තරම් දූරාතීතයේ "නර්මදා සභ්‍යත්වය" පැවැති බවත් එය භාරත දේශයේ යුගයක ආරම්භය බවට සැකකරන බවත් ඉතිහාසඥයෝ පවසති. ඒ අනුව නර්මදා සභ්‍යත්වයට ඇත්තේ වසර 8000 ක ඉතිහාසයකි. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට වසර 5500 ක ඉතිහාසයක් ඇති අතරම ශිෂ්ටාචාර තුළ පවා "ගවයා" ශුද්ධ වස්තුවක් ලෙසින් සැලකූ ආකාරය පුරාවිද්‍යාත්මකව තහවුරු කර ඇත.
Read more »
Tuesday, April 12, 2011
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment