Saturday, April 9, 2011

ජපානය දියුණුකළ "S-5" අපේ සිංහල අලුත් අවුරුද්ද තුළ තිබෙනවා


ගහකොළ මලින් ඵලින් බරවෙන සිංහල අලුත් අවුරුද්ද සොබා දහමේ අසිරිමත් දායාදයකි. ජීවිතයද සොබා දහමේම කොටසක්‌ බැවින් සොබා දහම හා බැඳුණු සිංහල අලුත් අවුරුද්ද ජීවිතයට මහඟු ආශිර්වාදයක්‌ ගෙන එයි. ජාතික සමගියට සහ රටේ සංවර්ධනයට සිංහල අලුත් අවුරුද්දේ දායකත්වය කෙබඳුද?


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක සමග "දිවයින ඉරිදා සංග්‍රහය" පැවැත්වූ සාකච්ඡාවකි මේ.

ඉතාමත් දිගු කාලයක සිට අපේ ජාතික අනන්‍යතාව ලොවට විදහා දැක්‌වූ ජාතික උත්සවය සිංහල අලුත් අවුරුද්දයි. නමුත් නවීන ලෝකය හමුවේ මේ ජාතික උත්සවයේ අනන්‍ය ලක්‍ෂණ පිරිහෙමින් තිබෙන බව ඇතැමුන් දරන මතයක්‌...රෑ

සිංහල අලුත් අවුරුද්ද පිරිහීමකට ලක්‌වෙලා කියන අදහස ලෝකය නවීකරණය වීමත් සමග ඇතිවූ දෙයක්‌. සිංහල අලුත් අවුරුද්දේ බාහිරින් පෙනෙන ලක්‍ෂණ තුළ යම් වෙනස්‌කමක්‌ ඇතිවී තිබෙන්නට පුළුවන්. නමුත් සිංහල අලුත් අවුරුද්දේ මූලික හරාත්මක පැත්ත තවමත් වෙනස්‌ නොවී පැරැණි ලෙසම පවතින බවයි මගේ හැඟීම. එදා සහ අද අතර මේ ජාතික උත්සවයේ ස්‌වරූපය වෙනස්‌වී තිබෙන්න පුළුවන්. එදා ජනප්‍රියව තිබූ ඇතැම් අවුරුදු ක්‍රීඩා අද භාවිතයෙන් ඉවත්වී තිබෙනවා විය හැකියි. පොර පොල් ක්‍රීඩාව වෙනුවට ක්‍රිකට්‌ ක්‍රීඩාව අලුත් අවුරුද්දේ දකින්නට පුළුවන්.
Read more »

No comments:

Post a Comment