Thursday, April 21, 2011

මනරංජන දර්ශනීය ලංකා..... මාතා අති රමණී ආනන්ද සමරකෝන් අධ්‍යයනය



ආනන්ද සමරකෝන්

මහාචාර්ය සුනිල් ආරියරත්න

සමරකෝන්ගේ අත්අකුරින් ලියෑයුණු ශ්‍රී ලංකාවේ ජාතික ගීය

ආනන්ද සමරකෝන් ඇඳි සිතුවම්
"ආනන්ද සමරකෝන් අපට නොනැසෙන ගීතයකි. අපේ ජීවිතයට මිහිරකි සංගීතයට නවතාවකි. ගීතය අලුත් මගකට ගෙන ගිය සමරකෝන් සිංහල රසිකයා ගේ සිත රසවත් කළේය. සෞන්දර්ය හා ජීවන මාධුර්යය එක්‌කළේය. මිනිස්‌ ජීවනයේ මිහිර මතු කළේය.
ශ්‍රී ලාංකේය ජාතික ගීතයේ නිර්මාතෘ ආනන්ද සමරකෝන් වියතාණන් පිළිබඳව වරෙක ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් එලෙස සඳහන් කර තිබිණි.
"සිංහල ලේඛනයේ අක්‌ෂර වින්‍යාසය හා ව්‍යාකරණ ක්‍රම පද්ධතියට අදාළ සම්මත ව්‍යවහාරය අනුල්ලංඝනය කොට ශාස්‌ත්‍රීය නිබන්ධනයකට සාකල්‍යයෙන්ම යෝග්‍ය ආකාරයේ පැවතීම මේ කෘතියේ සම්භාව්‍යයත්වය හේතුවන කරුණකි. සමරකෝන් අධ්‍යයනයට සමස්‌තයක්‌ වශයෙන් සැලකීමෙහි දී පෙනෙන්නේ එය මෑත භාගයෙහි සිංහලයට එක්‌ වූ උසස්‌ සාහිත්‍ය ග්‍රන්ථයක්‌ බවයි. මේ ග්‍රන්ථය කියවන පාඨකයා විශ්වවිද්‍යාල අධ්‍යාපනය, ශාස්‌ත්‍රීය පර්යේෂණය හා ශික්‍ෂණය කවරේදැයි හඳුනා ගැනීමට සමත්වනු නොඅනුමානය."
මහාචාර්ය රත්න විෙ-තුංග" ආනන්ද සමරකෝන් අධ්‍යයනය" නම් ග්‍රන්ථය පිළිබඳව කර තිබුණේ එවන් සඳහනකි.
Read more »

No comments:

Post a Comment