කඳුළ ඉතින් සමාවෙයන්
අපි වෙන්වෙමු අද හවසට
මගෙ ගෙපැලට ඈ එනවා
සිරියහනේ තනි රකින්න
කළුවළාව නැගෙන්නෙපා
ගඟට උඩින් හැන්දැවට
මුදුන් ලීය යටින් පොළොවේ
ගොම හේදෙයි අලුත් පිටම
කන්ද කපා සඳ පායා
සඳරැස් යහනට වඩින්න
සඳ එළියෙන් ඇගේ ගතේ
පෙති ගෝමර මල් දකින්න
මල් දෙවැටේ වතුසුදු මල්
පිපේවි ඈ පිළිගන්නට
කොපුල් තලා ඔමරි සිනා
මතුවෙයි මල් පරදන්නට
බිළිඳු ගෙනා කිරි සුවඳක්
ගෙපැල දොරින් හමා එන්න
ඉඩදීයන් වළාකුළේ
මගෙ සිහිනයෙ මල් පිපෙන්න
ගී පද - ලක්මාලි කාරියවසම්සංගීතය - සුරේෂ් ද සිල්වා
ගායනය - කීර්ති පැස්කුවෙල්
හිරිමල් යෞවනය කියන්නේ හිතපුරා පෙම්මල් පූදින කාලය පැණි වැහෙන කාලය කියලත් කියනවා. මේ වයසට නැඟෙන සිතුවිලි හරිම පෙම්බරයි. දැරියක් ඉල්ලන කාලෙනෙ.... ඉලන්දාරි වයස කියලනෙ කියන්නේ තනි යහනෙ සිටිද්දී හිතෙන දේ..... හැඟීම්.... අපමණයි.... තනිකම සහකාරියකගේ වුවමනාව වැඩියෙන්ම දැනෙනවා. තමන් ගැනම දුකකුත් ඇතිවෙන අවස්ථා තියෙනවා. තනිකම වැඩියෙන්ම දැනුනාම ඇසට කඳුළකුත් එනවා.Read more »

No comments:
Post a Comment