උස්සන්ගොඩ කඳු මුදුනට සිසිල ගෙන එන
සන්ධ්‍යාවේ සුළඟත් මට නොදෙයි සැනසුම
සිත්තම් කළ සිත ළඟ සුන්දර පෙම් සිහින
දුක් දෙන්නට නපුරු වුණේ නුඹ මට කොහොම
නිවාඩුවට වෙනදා වගෙ ආවෙ ගම රට
මගේ පුංචි කුමාරියගෙ මූණ දකින්න
හදාගන්න බැරි තරමට බිඳුණෙ මගේ හිත
ඔයා නැවතිලා මට හිමි නොමැති ලෝකෙක
එදා තුªරුලු වී මට දුන් මධුමල් සුවඳ
සදා සිහිකරයි වැටකෙයි ගහ යට හෙවණ
කඩා හැලෙන කඳුළැලි මුසුවෙලා සයුරට
සදාතනික පැතුමන් ගිනිළුවා හදවත
පද රචනය – ප්‍රසන්න කුමාර දම්මලගේ
සංගීතය - රොෂාන් ප්‍රනාන්දු
ගායනය – චාමර වීරසිංහ
අපේ සංගීත ක්ෂේත්රයේ දිදුලන විවිධ හැඩතලවලින් යුත් “ගී මුතු” මෙම විශේෂාංගයෙන් ඔබ වෙත ඉදිරිපත් කරන අතර මෙවර මතු බලාපොරොත්තු තැබිය
හැකි නවක ගීත පද රචකයෙකු පද ඇමුණු ගී මුතු වැලක් ඉදිරිපත් කරන්නෙමු. ගායන ශිල්පි චාමර වීරසිංහ ගයන ”උස්සන්ගොඩ කඳු මුදුනට” එම ගී මුතු වැලයි. ගී පද රචකයා ප්‍රසන්න කුමාර දම්මලගේය.
”අතීත මතකය” (රොෂාන් ප්‍රනාන්දු) සහ “සිරිපා මළුවේ” (දමිත් අසංක) වැනි නිතර ඇහෙන ගී මෙන්ම රෝස් අලගියවන්න, නිමල් රංජිත්, ඉඳුනිල් අන්ද්‍රමාන, දිනිඳු, නදීශාන් වැනි නව පරපුරේ ගායක ගායිකාවන් ගයන ගීත කිහිපයක්ම දැනට පද රචනය කර ඇති ප්‍රසන්න අපගේ අංකුර ගී පද රචකයන් කීප දෙනා අතර විශේෂ වන්නේ ඔහු විවිධ පැතිකඩ ඔස්සේ ගීත ලියන්නට දරන උත්සාහය නිසා ය.
Read more »

No comments:
Post a Comment