Tuesday, April 12, 2011

පොඩි කෙළීට තවත් ලියුමක්‌................

කවර සමාජයක වුවද කලින් කල වරින් වර විවිධ සමාජ සංසිද්ධීන් මතුවීම අතිශයින්ම සුලභ බව අපි දනිමු. කලකට පෙර කිසිදු අවධානයක්නොලද යම් ප්ර(?)ශ්නයක්පසුකලකදී තත්කාලීන ගැටලුවක්සේ මතුවිය හැක. ගෝලීකරණය ලෙස හඳුන්වනු ලබන සංසිද්ධීන් නිසා අප සමාජය මහත් සේ කැපීපෙනෙන සමාජ විපර්යාස රැසකට මුහුණදීම අද අපට පැහැදිලිව දකින්නට ඇත. අපේ පාරම්පරික සම්ප්රදායික සමාජ ජීවිතයටත්, අප ආදරයෙන් රැකගතයුතු දේශීය චර්යාධර්ම පද්ධතියටත් ඇතිවන බලපෑම් අසීමිත බවක්පෙනේ, සමාජ සංචලනය (Social Mobility) වූ කලී වෙනස්වන දියුණු වන කවර සමාජයක වුවද අනිවාර්යයෙන් දැකිය හැකි ලක්ෂණයකි. එමෙන්ම ඇති විය යුතු ලක්ෂණයකි. අපේ රටේ මාතර මිනිසෙක්අනාගත දියුණුව සොයා වෙනත් පළාතකට කොළඹට, නුවරඑළියට යයි. යාපනේ මිනිසා නව ජීවිතයක්සොයා කොළඹ දෙසට එයි. අපේ කාන්තාවෝ රන්මසු සොයා මැදපෙරදිගට යති. නව රැකියා සොයා නව ජීවිතයක්සොයා අපේ රටේ දහස්ගණන් තරුණ තරුණියෝ ඔස්ටේ්රලියාව (Australia), ඇමරිකාව, කැනඩාව, නවසීලන්තය වැනි දේශදේශාන්තර වලට සංක්රමණය වෙති. මේ තමා වෙනස්වන සමාජ ජීවිතයේ සමාජ සංචලනය.
Read more »

No comments:

Post a Comment