පාදුක්ක නගරයෙහි ලියන්වල ගම් පියසෙහි වර්ෂ 1911 ජනවාරි මස 13 වෙනි දින උපත ලද ආනන්ද සමරකෝන් සූරීන් අප ලක් මව ලද උතුම් දායාදයක් විය.
කෘත හස්ත කලාකරුවෙකු වූ මෙතුමන් විසින් රචනා කරන ලද ඉතාම නන්දනීය වූ පැබැදුම් අති විශාල සංඛ්‍යාවක් අදත් හෙළ දන මන පුබුදු කරමින් පවතී.
පිළියන්දල වෑවල නම් ගමෙහි "වෑවල රජයේ පාසලේ" දී මූලික අධ්‍යාපනය හැදෑරූ මෙතුමා මුල්වරට ඔහුම විසින් ගීයක් ලියා එම පාසලේදීම ගායනා කර ඇත. පාසල් අවස්ථාවේදී ගී ලිවීම වරදක් ලෙස තීරණය කළ ගුරුවරයා ඔහුට දෙන දඬුවමක් ලෙස පංතියේදීම එය ගායනා කරන ලෙස මේ කුඩා ළමයාට අණ කර ඇත. ඒ අනුව මේ පුංචි ආනන්ද සමරකෝන් දරුවා ගීතය ගයා ඇත. ඉන් පැහැදුණු ගුරුවරයාගේ කෝපය නිවී ගියේය. එතැන් පටන් මොහු ගීත නිබන්ධකයෙකු මෙන්ම ගායකයකු ලෙස ළමා ලෝකයේ රැව් දෙන්න වීය.
Read more »

No comments:
Post a Comment