Thursday, April 7, 2011

කඳුළ, වේදනාව උරුම කරගත් ගුණදාස කපුගේ

(අප්‍රේල් 2 දිනට යෙදුණු කපුගේ සමරු දිනය නිමිත්තෙනි.)

1988 පළාත් සභා මැතිවරණය පැවති සමයේ කපුගේ වාම අදහස්‌ දරන්නෙක්‌ ලෙස අනුරාධපුර, පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයන්හි අතිශයින්ම ජනප්‍රිය චරිතයක්‌ විය. ඒ නිසාම ප්‍රාදේශීය දේශපාලකයන්ගේ ප්‍රමුඛ වුවමනාව මත ඔහුට කොළඹ ප්‍රධාන කාර්යාලයට මාරුවීම් ලැබීමට සිදුවිය.

යළිත් ඔහු රජරට සේවා කාර්යාලයට එන්නේ එහි වැඩබලන පාලකවරයා ලෙසිනි. තර්ජන, ගර්ජන, තුණ්‌ඩු කෑලි මැද වුවද රජයේ වුවමනාව වූයේ රජරට සේවා විකාශය අඛණ්‌ඩව පවත්වාගෙන යැමයි. එහි පාලක වශයෙන් කපූ අතින් සිදුවිය යුතු ප්‍රමුඛතම කාර්යයක්‌ද විය.
Read more »

No comments:

Post a Comment