විහඟ නදින් පැතිරෙන සප්ත ස්වරයේ මියැසියෙන් වසන්තයේ මල් පිපී සුවඳ ගලන විට හීන් සීරුවේම ගීතලෝලී සිත් අද්දරට සියුම් රිදුමක් ගෙනෙන ඔහු පිළිබඳ මතකය නම් අමතක නොවේම ය. හරියටම මීට වසර අටකට පෙර මෙලොව හැර නික්ම ගිය ද ගීතයෙන් අපට ජීවිතය ඉගැන්වූ ඔහු දැනුදු අප සමඟ හිඳින්නාක් මෙනි.
1973 පෙබරවාරි 19 වැනිදා මුලින්ම ගුවන්විදුලියෙන් ප්‍රචාරය වූ කපුගේ ගායනා කළ ‘දෑස නිලුපුල් තෙමා” ගීතය ඔහු ගැයූ ප්‍රථම ගීතය යි.
මාලනී බුලත්සිංහල සමඟ කපුගේ ගැයූ “දම් පාටින් ළා සඳ බැස යනවා” ඔහුගේ ප්‍රථම යුග ගීතය වූ අතර මුල්ම චිත්‍රපට ගීතය වූවේ “එක්ටැම් ගේ” චිත්‍රපටයට ගායනා කළ “උන්මාද සිතුවම් මැවේ” ගීතය ය. 1974 දී “ඒ” ශ්‍රේණියේ සරල ගී ගායන ශිල්පියෙකු වූ කපුගේගේ ගායන දිවියේ ප්‍රථම සම්මානය ඔහුට හිමි වූවේ ගායනයට පිවිස දශක දෙකකට පමණ පසුව ය.
Read more »


No comments:
Post a Comment