ශ්‍රී ලංකාවේ මෑත කාලයේ බෙහෙවින් කතාබහට ලක්වූ මාතෘකාවන් ලෙස අසභ්‍ය දර්ශන (ඡායාරූපෙ/වීඩියෝ චිත්‍රපට) අසභ්‍ය වෙබ් අඩවි ආදිය හැඳින්විය හැක. මෙවැනි දේවල් ශ්‍රී ලංකාවට මෙතෙක් කල් අලුත් අත්දැකීමක් නොවූ අතර විශේෂයෙන් 1980 දශකයෙන් පසුව මෙරට බොහෝවිට තරුණ පිරිස අතර නිල් චිත්‍රපට හා අසභ්‍ය පුවත්පත් වේගයෙන් පැතිරී යැම සිදුවිය. මෙරට දේශීය තරුණ තරුණියන් ද මේවායේ අසභ්‍ය දර්ශන වලට පෙනී සිටින බව ඉඳහිට අසන්නට දකින්නට ලැබුණද ඒ ඉතා කලාතුරකිනි. එහෙත් මෑත කාලයේදී ඒ සඳහා වන ප්‍රවණතාව ඉතා විශාල ලෙස ඉහළ ගිය අතර දේශීය තරුණ තරුණියන්ගේ අසභ්‍ය දර්ශන ප්‍රදර්ශනය කිරීම සඳහාම නිර්මාණය වූ අසභ්‍ය වෙබ් අඩවි, අන්තර්ජාලය තුළ වේගයෙන් පැතිරී ගියේය. කෙසේ වෙතත් මෙවැනි වෙබ් අඩවි රාශියක් උසාවි නියෝගයක් මත තහනම් කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමක කොමිසම පියවර ගත් අතර ඒවායේ "පෙනී සිට"ඇතැයි සැලකෙන 83 දෙනකුගේ ඡායාරූප ඇතැම් මාධ්‍ය මගින් ද ප්‍රසිද්ධ කර ඔවුන්ගේ අනන්‍යතාව හඳුනා ගැනීමට මහජන සහාය අපේක්ෂා කරන ලදී.
Read more »
Monday, April 4, 2011
Subscribe to:
Post Comments (Atom)


No comments:
Post a Comment