Saturday, March 5, 2011

මායාවක්‌දෝ බැඳුණු සිතුම්... ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්...

පොල් රුප්පාවේ දඟ කළ සෙල්ලම්
සුළඟේ පාවී සිතට දැනේ
පිටගම් යනදා එය සිහිවෙනවා
හීන් සැරේ ඔබ මා අමතක කරදා
මායාවක්දෝ බැඳුණු සිතුම්
ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්

රෑ රැහැයි හෙළූ දුක්ගීත රාවයේ//
සවනේ වැකුනේ ගොළුවූ හඬක්ලෙසින්
මායාවක්දෝ බැඳුණු සිතුම්
ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්

ඈත ගුරු පාරේ පියමන් සලායන්නේ//
කඳුළින් පිරිලා දෙනුවන් වැසී යාදෝ
මායාවක්දෝ බැඳුණු සිතුම්
ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්

ගී පද තනු නිර්මාණය - විශාරද නිහාල් ගම්හේවා
ගායනය - චන්දන ලියනආරච්චි

ගම ලස්සන වෙන්නේ සොබාසුන්දරත්වය නිසා. ඇළ, දොළ, පන්සල, වෙල්යාය... කඳුවැටි.... නීල ගොයම.... ගම සුන්දර කරන ආභරණ... මේ සොඳුරු බව වැඩි කරන තවත් සාධකයක්තියෙනවා. ගමේ පවුල් අතර තිබෙන සබැඳියාව හිතවත්කම.

ගමේ වැඩිහිටියන් එකමුතුව ඉන්නවා වගේම පුංචි දරුවනුත් එකිනෙකාට ලෙංගතුයි. රබර් වතු, පොල්වතු, බඩවැටිවල දුව පැන ඇවිදිමින් ඇළක දොළක පැන දියබුන් ගසමින් ගමේ ගෙවන ළමා කාලය... ගැහැනු පිරිමි වෙනසක්නැහැ. ඒත් මේ ළමුන් වැඩිවියට එද්දී එදා සමහරුන්ගේ සිත් තුළ තිබූ ලෙංගතුකම ආදරයකට පෙරළෙනවා. ඇතැමුන් මේ ආදරය කෙළවර කරන්නේ විවාහයෙන්.
Read more »

No comments:

Post a Comment