සිහින සතක් දුටුවෙමි මම
සත් දවසක් එක විලසට
එක සිහිනෙක ඔබ දුටුවා
සිඟන්නියක සේ
සිඟන්නියක සේ
සත් දවසක් එක විලසට
එක සිහිනෙක ඔබ දුටුවා
සිඟන්නියක සේ
සිඟන්නියක සේ
ඔබ මගෙ පැල් පතට පැමිණ
ආයාචනයක් කරමින
ජීවත්වන්නට කිසිවක්
ඉල්ලා සිටියා
ආයාචනයක් කරමින
ජීවත්වන්නට කිසිවක්
ඉල්ලා සිටියා
කිසිවක් දෙන්නට මට නැත
තිබුණේ පිරිසිදු හදවත
සිඟන්නියේ එය ඔබ හට
දුන්නා මතකයි
තිබුණේ පිරිසිදු හදවත
සිඟන්නියේ එය ඔබ හට
දුන්නා මතකයි
එදා මගේ හද අරගත්
ඔබ අද මට වැඩි පොහොසත්
ඒ හින්දා මටත් එලෙස
පිහිටවනු මැනේ
ඔබ අද මට වැඩි පොහොසත්
ඒ හින්දා මටත් එලෙස
පිහිටවනු මැනේ
ගී පද - පේ‍්‍රමකීර්ති අල්විස්
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
කලාව වූ කලී සත්‍යයේ හා කල්පිතයේ අගනා සහයෝගයකි. විටෙක ඒ කල්පිතය කෙරතම් රමණීය ද යත් සත්‍යය බැහැර කොට කල්පිතයම වැලඳගෙන ජීවත් විය හැකිය. පේ‍්‍රමකීර්ති වූ කලී තම කල්පිතයන් තුළින් ආනන්දයෙන් ප්‍රඥාව කරාත්, ප්‍රඥාවෙන් ආනන්දය කරාත්, ආනන්දයෙන් ආනන්දය කරාත් රසිකයා රැගෙන ගිය අපූර්වතම නිර්මාණ කරුවෙකි. “සිහින සතක්” නමැති නිර්මාණය මෙයින් කුමන වර්ගයකට අයත් කළ යුතු දැයි මට නොහැඟේ.
සිහින ගණන් කළ නොහැකිය. සිහින නොපෙනෙන මෙන්ම පෙනෙන රාත්‍රීන් ද ඇත. ඇතැම් විට එක රාත්‍රියකට සිහින එකකට වඩා නොපෙනේ. පේ‍්‍රමකීර්ති ද සිහින ගණන් කළා යැයි සිතිය නොහැකි ය. ඒ නිසා ‘සිහින හතක්’ යන යෙදුම ඔහු භාවිත කරන්නේ හුදෙක් ශබ්ද රසය උදෙසා ම ය. ඒ නිසා ගීත රචනය ආරම්භ වන්නේ රසිකයාට ශබ්ද රසයක් ඉතිරි කරමිනි. ඔහු එක සිහිනයක දී ඇය දකිනුයේ සිඟන්නියක ලෙසිනි. මෙයින් සංකේතවත් වන්නේ ඇගේ අසරණභාවයයි.
Read more »

No comments:
Post a Comment