ජීවිතේ මම විඳින්න අකමැතිම දේ තමයි මම නිසා කෙනෙක් පසුතැවිලි වීම. මම නිසා කෙනෙක් දුකෙන් ඉන්නවා නම් ඒක මට දරා ගන්න හරිම අමාරු දෙයක්. ඒ වෙලාවට මට ඕන කරන්නෙ කොහොම හරි ඒ කෙනාව ඒ පසුතැවිල්ලෙන් මුදවන්න. මම ගැන වැරදි වැටහීමකින් ඒ කෙනා පසුතැවිලි වෙනවා නම් මට ඕන ඒ දේ කොහොම හරි විසඳ ගන්න. නැත්තම් ඒක මගේ හිතට මහා ලොකු වේදනාවක්. ඒ කෙනා මට ගැහුවත් කමක් නෑ. බැන්නත් කමක් නෑ. නිහඩ වෙලා කිසිම දෙයක් නොකියා ඉන්න එක දරාගෙන ඉන්නවට වඩා මට ඒක දරාගන්න පුළුවන්.
Read more »
No comments:
Post a Comment