Saturday, February 26, 2011

අපෙ හඬ අරගෙන ඈත හඬන සක්වා ලිහිණී....


නව සහශ්‍රකය බිහිවන්නේ සිංහල ගීතයේ ගමන්මඟ එක්වරම අහුරා දමමිනි. 1977 න් පසු උපන් 77 දරුවන් යෞවනයට පා තබන්නේ නව සහශ්‍රකය මතිනි.
විවෘත වෙළඳපොළ, රූපවාහිනී නාලිකා සහ ගුවන් විදුලි නාලිකා ඔවුන්ගේ ඇස, කන වර්ණවත් කරමින් මනස අපවිත්‍ර කළහ. ඒ නිසා නවසහශ්‍රය තුළ කවියන් ගීත රචකයන් බිහිවූයේ අල්ප වශයෙනි. මේ දශකය තුළ මතු වූ කලාකරුවෝ වැඩි දෙනෙක් හැත්තෑහතේ දරුවෝ නොවූහ. එහෙත් කවියකු ගීත රචකයකු කෙටිකතාකරුවකු ලෙසින් බිහිවන අමිල තේනුවර වූ කලී හැත්තෑහතේ දරුවෙකි. ඔහු සුවිශේෂ වන්නේ එබැවිනි.
සරු ගසක් වැවෙන්නට සරු පොහොර ඇවැසි ය. ඇතැම්විට නව යෞවනයේ දොරකඩ, විශිෂ්ට ගුරුවරුන් ලැබීම විශිෂ්ට කලාකරුවන් ඇසුරට ලැබීම කෙනෙකුගේ ප්‍රතිභාව ඔපවත් වීමට හේතුවෙයි.
ගුණදාස කපුගේසමිතා එරන්දතී මුදුන්කොටුව

අමිල තේනුවරට ඒ වාසනාව හිමි වුණා විය යුතුය. එවිට වයසට වඩා පරිණත නිර්මාණ බිහි කළ හැකිය. නව සහශ්‍රකයේ මුණගැසෙන කාව්‍යක්කාරයන් අතළොස්ස අතරට අමිල තේනුවර ද එක්වන්නේ එබැවිනි. “සක්වාලිහිණි” නැමැති ගීතය ඒ සඳහා කදිම උදාහරණයකි.
සක්වාලිහිණි වූ කලි තවත් එක් ලිහිණි වර්ගයකි. මොවුහූ පෙම්වතුන් වශයෙන් දවල් කාලයේ එකිනෙකා සමීපයේ ළබැඳි ව ගඟ දෑලේ කල් ගෙවති.
එහෙත් සඳපායන රාත්‍රියේ දෙදෙනා ඉවුරේ දෙපසට වෙන් ව යති. එතැන් සිට ඉවුරු දෙපස සිට ඔවුහු විරහ වේදනාවෙන් හඬා වැටෙති. “සක්වා දා” නැමැති ජාතක කතාවේද මෙබඳු පුවතක් දක්නට හැකිය.
මඟුල් ලකුණු එකසිය අටෙන් එකකට අයත් මේ සක්වාලිහිණින්ට ස්වභාව ධර්මයෙන් නියම කර ඇති දඬුවම අරුම පුදුම ය.

Read more »

No comments:

Post a Comment